පොලු පහරින් අවසන් වූ නිවෙස් කොල්ලය..

පොලු පහරින් කොල්ලකරුවන් මෙල්ල කළ කුලියාපිටියේ අම්මා..

by Staff writer 26-09-2021 | 9:36 PM

COLOMBO (News 1st) - ගිනි අවියක් අතැතිව කොල්ලකරුවන් දෙදෙනෙක් කුලියාපිටිය, දික්වල නිවසකට පැමිණියේ ඊයේ (25) රාත්‍රියේ ය.

ගෙදර සිටි 63 හැවිරිදි කාන්තාව දණගස්වා මුදල් කොල්ල කන්න උත්සාහ දැරු මේ කොල්ලකරුවන් ගෙදර ලේලියට අනිසි බලපෑම් සිදු කිරීමට උත්සාහ කළ බව පැවසේ. මව,
ගෙදර ඇවිල්ලා සල්ලි ඉල්ලුවා මාව දණ ගැස්සුවා මාව දණ ගස්සනකොට මම පුතාව ගෙදරින් පිට කෙරුවා. මගේ ලේලිව ගෙට ගත්තා මම බලාගෙන හිටියේ අරයා නැගිට්ටා මට ගහන්න හරි මොනාට හරි නැගිට්ටේ නැගිටිනකොටම මම පිටිපස්සෙන් ඇවිල්ලා අයිනේ යකඩ පොල්ල තියලා තිබුණේ යකඩ පොල්ල ගත්ත ගමන්ම ගැහුවා ගහනකොටම වැටුණා.
භීතියට පත්ව සිටි 63 හැවිරිදි කාන්තාව  ජීවිතයක් බේරා ගැනීමේ සටන අත්හැරියේ නැත. මව,
අනිකා ගේ ඇතුළට ගියා මගේ ලේලි අරගෙන මම ගියා මගේ කාමරයට ගිහිල්ලා දොරමුල්ලේ හැංගිලා හිටියා ගැහුවා අනිත් එක්කෙනාට එතකොට ඌ දුවගෙන ඇවිල්ලා බයික් එකට නැග්ගා බයික් එකට නගිනකොට අයි සැරයක් ගැහුවා මම. ගහලා යන්න ලැහැස්ති වුණේ ගහලා බයික් එකටත් ගැහුවා කුඩු කෙරුවා. ගහලා අරගෙන ඇවිල්ලා දාපු ගමන් මූ කිව්වා දුවමු කියලා දෙන්න දුවමු කිව්වා. මම කිව්වා තෝ දුවන්නද කකුල් දෙකෙන්ම ඇදලා අරගෙන දැම්මා අනිකාගේ ඇගඋඩ ඇදලා අරගෙන ගැහුවා යකඩෙන් ගැහුවා දණිස් කැඩෙන්න.
පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් දැන් සිටින්නේ රෝහලේයි.