by Sagarika Chathumali 26-09-2021 | 8:19 PM
COLOMBO (NEWS1ST) : ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 ක් සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි ජ්‍යේෂඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ, පහත සඳහන් ප්‍රදේශවලට අද (26) රාත්‍රී 7.00 ට සිට ක්‍රියාත්මක වන පරිදි එම අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.
?ගාල්ල දිස්ත්‍රික්කය
නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
?කෑගල්ල දිස්ත්‍රික්කය
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
?මාතර දිස්ත්‍රික්කය
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
?නුවරඑළිය දිස්ත්‍රික්කය
අඹගමුව කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
?රත්නපුර දිස්ත්‍රික්කය
ඇහැලියගෙඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
පසුගිය දින 2 කේ හා අද දිනයේ පැවති වර්ෂාපතනය සහ ඉදිරි කාලගුණ අනාවැකිය සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය විසින් අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ මෙම නිවේදනය නිකුත් කළ බව ද වසන්ත සේනාධීර මහතා පැවසී ය.