රිය අනතුරුවලින් තිදෙනෙකු මරුට....

ප්‍රදේශ කිහිපයකදී සිදු වූ රිය අනතුරුවලින් තිදෙනෙකු මරුට...

by Staff writer 26-09-2021 | 1:50 PM

COLOMBO (News 1st) - පුත්තලම, තංගල්ල හා හොරණදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ පුත්තලම, පුලදිවයල් - මදුරන්කුලිය මාර්ගයේ පුලදිවයල් ප්‍රදේශයේදී කැබ් රථයක යතුරු පැදියක් ගැටීමෙන් 19 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි. තංගල්ල බෙලිඅත්ත මාර්ගයේ, තංගල්ල නගරයේදි ධාවනයවූ ලොරි රථයක ගැටීමෙන් පදිකයෙකු මියගොස් ඇති අතර 55 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේ ය. හොරණ - පානදුර මාර්ගයේ ගල්ඒදඩුගොඩ ප්‍රදේශයේදී ජීප් රථයක ගැටීමෙන් 65 හැවිරිදි පදික කාන්තාවක මියගොස් තිබේ.