නොහැකියාව පරාජය කළ දිරිය දියණියක්..

තිර අධිෂ්ඨානයෙන් දෛවය වෙනස් කළ දිරිය දියණියක්..

by Staff writer 26-09-2021 | 10:27 PM

COLOMBO (News 1st) - තිර අධිෂ්ඨානයෙන් දෛවය වෙනස් කළ හැකි බවට හොඳම උදාහරණයක් මාතරින් හමුවිය.

ඒ, දෙව්මි රන්සරා කුලතුංගගේ ජයග්‍රාහි කතාවයි. දෙව්මි කුඩා කාලයේ ඉඳලම සුසුම්නාව හරහා යන ස්නායුවක් අක්‍රියවීමෙන් පීඩා විඳින දැරියකි. ඇයට පුළුවන් වුණේ, යාන්තම් පෑන අල්ලන්න පමණි. ගුරුවරියක වූ අම්මාත්, වන සංරක්ෂණ ක්ෂේත්‍ර නිලධාරියකු වූ තාත්තාත්, දෙව්මීට ශක්තියත්, ධෛර්යත් විය. දෙව්මිට අරමුණක් තිබුණි. ඇය අරමුණ ජය ගත්තේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගය A 9 ක් ලබාගෙන අසාමාන්‍ය ලෙස සමත් වෙමිනි. මේ දැරිය වටා සිටි සියලු දෙනා ඇයට ශක්තියක් විය. දැන් දෙව්මි තවත් අභියෝගයක් හඹා යනු ඇත. දෙව්මි රන්සරා කුලතුංග,
උසස් පෙළ ශ්‍රී ලංකාවේ පළවෙනි පස්දෙනා අතරට එන්න ඕනේ. වාණිජ අංශයෙන්
දෙව්මි රන්සරා කියන්නේ නොහැකියාව පරාජය කළ දිරිය දියණියකි.