තෙවැනි මාත්‍රාවක් දෙන්න ජපන් රජයෙන් තීරණයක්

ජපන් පුරවැසියන්ට කොවිඩ් මර්දන තෙවෙනි මාත්‍රාව දෙන්න අනුමැතිය..

by Staff writer 26-09-2021 | 2:02 PM

COLOMBO (News 1st) - තුන්වැනි කොරෝනා එන්නත් මාත්‍රාවක් ලබා දීමට ජපාන රජය අනුමැතිය දී තිබේ.

එරට එන්නත් කටයුතු භාර අමාත්‍ය කොනෝ ටාරෝ මහතා සඳහන් කළේ, වසර අවසානයේදී සෞඛ්‍ය සේවකයින්ට තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදෙන බවය. වයෝවෘද්ධ පුද්ගලයින් සඳහා ලබන වසර මුලදී තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදෙන බව ද ඔහු සඳහන් කළේය. මේ වනවිට ජපාන ජනගහනයෙන් සියයට 54 ක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇත. වැඩිහිටි ජනගහනයෙන් සියයට 90 ක එන්නත් ලබා දී ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කළේය. ජපානයෙන් මේ වනවිට වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 16 ලක්ෂ 89,899 ක්. එරටින් සමස්ත මරණ 17,421 ක් වාර්තා වේ.