ඉන්දියාවේ ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

"ගුලාබ්" නිසා ඉන්දියාවේ ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

by Staff writer 26-09-2021 | 2:11 PM

COLOMBO (News 1st) - ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩීෂා ප්‍රාන්තවලට සුළි කුණාටු පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

"ගුලාබ්" ලෙස නම් කර ඇති සුළි කුණාටුව අද(26) පස්රුවේ එම ප්‍රාන්තවලට ඇතුළුවීමට නියමිතය. ඒ හේතුවෙන්, අදාළ ප්‍රදේශවලට තද සුළං සමග ධාරානිපාත වැසි ඇති විය හැකි බවට එරට කාලගුණ බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ . ඒ හේතුවෙන්, නැගෙනහිර ප්‍රදේශවල මුහුදුබඩ දුම්රිය සේවා නතර කෙරිණි. සුළි කුණාටුව මේ වනවිට පැයට කිලෝමීටර 90ත් 100ත් අතර වේගයකින් හමායයි.