කොළඹ ඉඩම් ලියාපදිංචි කරන්නැයි නියෝගයක්

කොළඹ මහා නගර සභා සීමාවේ පිහිටි ලියාපදිංචි නොකළ පෞද්ගලික දේපොළ ලියාපදිංචි කරන්නැයි නිවේදනයක්..

by Staff writer 26-09-2021 | 9:28 PM

COLOMBO (News 1st) - කොළඹ මහා නගර සභා සීමාව තුළ පිහිටි ලියාපදිංචි නොකළ පෞද්ගලික දේපොළ ලියාපදිංචි කරන ලෙස කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණි දිසානායක මහත්මිය දේපොළ හිමිකරුවන් වෙත දන්වා තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, දේපොළවල අයිතිය සුරක්ෂිත කර ගැනීමට එම දේපොළ නගර සභාවේ ලියාපදිංචිය අත්‍යවශ්‍ය බවය. නාගරික කොට්ඨාසවලට අදාළව මේ දක්වා ලියාපදිංචි වී නැති දේපොළ පිළිබඳව තොරතුරු කොළඹ මහ නගර සභවේ WWW.COLOMBO.MC.GOV.LK නිල වෙබ් අඩවියට පිවිස ලබාගත හැකිය. කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, යූ. එල්. ටයිටස් පෙරේරා මහතා,
කොළඹ නගරයේ ප්‍රධාන වශයෙන් ඉඩම් තියෙනවා අයිතිය තහවුරු කර ගත්තේ නැති. කොළඹ නගරයේ හැම ඉඩමක්ම කොළඹ නගර සභාවේ ලියාපදිංචි කරන්න ඕනි. ඒ අයිතිය තහවුරු කර ගැනීමේ ලියුම නැතුව මොකුත් අපි පාස් කරන්නේ නෑ. තමන් දැනගන්න ඕන තමන්ගේ ඉඩමේ ඔප්පු ලිව්වට පස්සේ නගර සභාවෙන් ඒ ටී ෆෝම් එක්ක දාලා නීත්‍යානූකූල විදිහට අයිතිය තහවුරු කරගන්න. අයිතිය තහවුරු කර ගත්තොත් තමයි අනාගතයේ දී තමන්ගේ ළමයින්ට වුණත් ඒ කටයුතු කර ගන්න පූළුවන් වෙන්නේ
ප්‍රශ්නය,
කොළඹ නාගරික බල ප්‍රදේශයේ හිමිකරුවන් නැති දේපොළ තියෙනවා විවිධ හේතුන් මත. මේ ක්‍රියාවලියෙන් පස්සේ ඒවට කරන්නේ මොනවාද?
පිළිතුර, කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, යූ. එල්. ටයිටස් පෙරේරා මහතා,
අසූ තුනේ කලබලවලින් පස්සේ ගොඩක් ඉඩම් දාලා ගිය ඒවා තියෙනවා. ඒ තියෙන ඒවා එක එක්කෙනා අල්ලගෙන ඉන්නවා. එහෙම නැත්නම් පාලු ඉඩම් විදිහට තියෙනවා. මේවා බලලා ඉවර වෙලා අයිතියක් නැත්නම් නගර සභාවට පවර ගන්න බලය තියෙනවා.