ඇවිදින මංතීරු වෙනුවට ජීවත්වීමේ මංතීරුව හදන්න

ඇවිදින මංතීරු වෙනුවට ජීවත්වීමේ මංතීරුව හදන්න - විපක්ෂ නායක

by Staff writer 26-09-2021 | 9:11 PM

COLOMBO (News 1st) - ඇවිදින මංතීරු වෙනුවට ජීවත්වීමේ මංතීරුව හදන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට යෝජනා කරයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ, "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනනේ 28වන අදියරට එක්වෙමිනි. මේ යටතේ රුපියල් තිස්ලක්ෂ විසිපන් දහසක‍් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පොතුවිල් මූලික රෝහලට පරිත්‍යාග කෙරිණි. විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා,
ක්‍රමක්‍රමයෙන් බඩු මිල ඉහළ දමමින් ජනතාවගේ කර පිට හිස මත අසහනය පීඩනය පටවන්නේ නැතිව ජනතාව ශක්තිමත් කිරීමෙන් සහන සැලසීමේ සුබසාධන මංතීරුව සකස් කරන්න ඕන. ඒකයි මේ ආණ්ඩුව කළ යුත්තේ. අපිට අහන්නට ලැබුණා සමහරෙක් කියනවා අයවැයෙන් මේවට මුදල් වෙන් වෙලා ඉවරයි කරන්න දෙයක් නැහැ කියලා. මම කියනවා රටේ ජනතාව රවට්ටන්න එපා. මේ මංතීරුවලට වෙන් කරපු මුදල් කරුණාකරලා පාර්ලිමේන්තු අනුමැතියක් තුළ වෙනත් කාර්යභාරයකට ගන්න පුළුවන්. රෝහල්වලට මේ වගේ උපකරණ ලබා දෙන්නට මංතීරු සල්ලි උපයෝගී කරගන්න පුළුවන්. බඩු මිල අඩු කරන්නට මේ මන්ත්‍රීවරු සල්ලි උපයෝගී කරගන්න පුළුවන්. සිමෙන්ති, හාල්, කිරි පිටි, ගෑස් මේ වගේ මිල වැඩි කරනවා වෙනුවට මිල අඩු කරන්න පුළුවන්. කරුණාකරලා කොමිස් මංතීරු නතර කරන්න. වගා මංතීරූ ව්‍යාපෘති නතර කරන්න. මේ ගසාකෑම වහා නවත්වලා රටේ ජනතාවට ජීවත්වීමට හුස්මක් ලබාදෙන්න