by Staff writer 26-09-2021 | 5:33 PM
COLOMBO (News 1st) - පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පවත්වන්න විපක්ෂ නායකගෙන් අභියෝගයක්
ඇවිදින මංතීරු වෙනුවට ජීවත්වීමේ මංතීරුව හදන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආන්ඩුවට යෝජනා කරනවා.
විපක්ෂ නායක වරයා මේ බව පැවසුවේ "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනනේ 28වන අදියරට එක්වෙමින්.
හැකිනම් නියමිත කාලයට පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට අභියෝග කරයි.
විපක්ෂ නායකවරයා පවසන්නේ මේ අවස්ථාවේ ජනමතය විමසුව හොත් ජනතා හෘද ස්පන්දනය දැනගත හැකි වනු ඇති බවයි.
තවද විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ ඇවිදින මංතීරු වෙනුවට ජීවත්වීමේ මංතීරුව සැකසීම ආණ්ඩුව කළ යුතුව ඇති බවයි.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනනේ 28වන අදියරට එක්වෙමිනි.
"ක්‍රමක්‍රමයෙන් බඩු මිල ඉහළ දමමින් ජනතාවගේ කර පිට හිස මත අසහනය පීඩනය පටවන්නේ නැතිව ජනතාව ශක්තිමත් කිරීමෙන් සහන සැලසීමේ සුබසාධන මං තීරුව සකස් කරන්න ඕන. ඒකයි මේ ආණ්ඩුව කළ යුත්තේ . යුගදනවි බලාගාරයේ කොටස් විකිණීම තුළ නිර්මාණය වන විවිධ වරදාන වරප්‍රසාද ප්රතිලාභ කොමිස් මුදල් හරහා පාලකයින්ගේ මංතීරුව බොහොම ලස්සනට හැදෙනවා. මම ආණ්ඩුවට කියනවා මේ වෙලාවේ ජනමතය විමසුවහොත් තමන් වහන්සේලාට බලාගන්න පුළුවන් ජනතාවගේ හෘද ස්පන්දනය. මම අභියෝග කරනවා ආණ්ඩුවට පුළුවන් නම් නියමිත කාලයට පැවැත්විය යුතු පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පවත්වන්න කටයුතු කරන්න"
<iframe src="https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2FNewsfirstSL%2Fvideos%2F625382531819579%2F&show_text=false&width=476&t=0" width="476" height="476" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowfullscreen="true" allow="autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share" allowFullScreen="true"></iframe>