අපි විකුණාගෙන කන ප්‍රතිපත්තියෙ ඉන්න ආණ්ඩුවක් නෙවේ.

අපි විකුණාගෙන කන ප්‍රතිපත්තියෙ ඉන්න ආණ්ඩුවක් නෙවෙයි - ඇමති රෝහිත

by Staff writer 26-09-2021 | 4:41 PM

COLOMBO (News 1st) - ආණ්ඩුව විකුණා ගෙන කන ප්‍රතිපත්තියේ සිටින ආණ්ඩුවක් නොවන බව වරාය හා නාවුක කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද ගාල්ලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත පළ කරමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පෞද්ගලික ආයෝජකයින්ට ආරාධනා කර රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර සිදු කරන බවයි. "අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ මේ ආන්ඩුව අපි මේ විකුනගෙන කන ප්‍රතිපත්තියේ ඉන්න ආන්ඩුව නෙමෙයි. ඒ විකුනගෙන කාපු උන්නැහියෙලා තමයි එක්සත් ජාතික පක්ෂය. හම්බන්තොට වරාය ගෙඩියකට විකුනගෙන කෑවේ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ කාලේ ශ්‍රි ලන්කන් එයාර් ලයින් අපේ අතට නැවත ගත්තා. ඉන්ෂුරන්ස් කෝපරේෂන් ගත්තා. මේ වගේ නොයෙක් දේවල් ගත්තා. අපි කිසිසේත්ම මේ රජය හැටියට අපි විකුනන ප්‍රතිපත්තියේ නෙමෙයි ඉන්නේ. හැබැයි පෞද්ගලික ආයෝජකයන්ට අපි ආරාධනා කරලා රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර කරනවා"