by Staff writer 26-09-2021 | 1:42 PM
COLOMBO (News 1st) - වාලචේන කුම්බලන්තැන්න ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක වගා කටයුතු සඳහා බිම් සකසමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ සැකකරුවන් එම ස්ථානය එළිකර වගා කටයුතු සඳහා ට්‍රැක්ටර් රථයකින් බිම් සකස් කරමින් සිටි බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි 58, 63 හා 65 යන වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකි.
ඔවුන් බිම් සකස් කිරිම සඳහා යොදාගත් ට්‍රැක්ටර් රථයකද පොලිසිය භාරයට ගෙන තිබේ.