ගලිගමුවේදී නුවර පාරට වැටුණු ගස ඉවතට

UPDATE: ගලිගමුවේදී නුවර පාරට වැටුණු ගස ඉවතට: රථවාහන ධාවනය යථා තත්ත්වයට..

by Staff writer 25-09-2021 | 1:17 PM

COLOMBO (News 1st) - මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගලිගමුව ප්‍රදේශයේ රථ වාහන ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ.

අද (25) උදෑසන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් රථ වාහන ධාවනය ඇණහිට තිබුණි. අනතුරුව පැයක පමණ කාලයකින් පසු මාර්ගයේ රථවාහන ධාවනය යථා තත්ත්වයට පත් කළ බව පොලීසීය සඳහන් කළේය.