සීමාවන්ට යටත්ව රට විවෘත කිරිමේ සූදානමක්

සීමාවන්ට යටත්ව 01 වැනිදා රට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා - ඇමති කෙහෙළිය

by Staff Writer . 25-09-2021 | 2:22 PM

COLOMBO (NEWS1ST) : සීමාවන්ට යටත්ව ඔක්තෝබර් පළමු වැනිදා රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 30 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිත බව ද අමාතයරවයා සඳහන් කළේ ය.