COLOMBO (News 1st) - රටේ සම්පත් විකිණීමට එරෙහිව මහ පාරේ අරගලය ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ, 'විපක්ෂයෙන් හුස්මක්' වැඩසටහනේ 27 වැනි පියවරට එක්වෙමිනි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
මේ වෙනකොට මෑත ඉතිහාසයේ ලොකුම පාවාදීම යුගදනවි බලාගාරයේ කොටස් විදේශිය සමාගමකට කුණු කොල්ලෙට තක්සේරු කරලා අලෙවි කිරීම මේ රටට කරන්න පුළුවන් ලොකුම ජාතිද්‍රෝහී දේශද්‍රෝහී ක්‍රියාවලිය සිදු කරලා හමාරයි. තමන්ගේ පුද්ගලික කොමිස් න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරමින් රටේ සම්පත් තමන්ගේ පුද්ගලික බූදලය වගේ පරිහරණය කරමින් මේ රටේ ජාතික දේපළ, ජාතික සම්පත මේ ආකාරයට කුණු කොල්ලයට විකුණා දැමීමේ මේ දේශද්‍රෝහී ක්‍රියාවලිය තරයේ හෙළා දකිනවා පමණක් නොවෙයි, ඉදිරියේදී සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයත් ලබාගෙන මේ රටේ ජනතාව පෙරටු කොටගෙන අපි ජනතාවට සෞඛ්‍යමය වශයෙන් අහිතක් නොවන ආකාරයට මේ මහා මහජන මුදල්, මහජන දේපළ කොල්ල කෑම, කුණු කොල්ලෙට තක්සේරු කර විදේශ සමාගම් වලට විකුණා දැමීමට එරෙහිව අපි මහ පාරට බැහැලා, අපි කෙසේ හෝ මේ දේශද්‍රෝහී රට පාවාදෙන කුමන්ත්‍රණය පරාජය කිරීමට ජන බලයෙන් ජන සවියෙන් අපි කටයුතු කරමු
විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ පානම රෝහලට රුපියල් විසි එක් ලක්ෂ පහලොස් දහසක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තොගයක් පරිත්‍යාග කල අවස්ථාවේදීය.