by Staff Writer . 25-09-2021 | 11:04 PM
COLOMBO (NEWS1ST) : පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඉදිකිරීමට සැලසුම් කර ඇති ඇවිදින මංතීරුවට විරෝධය පළ කරමින් අද පස්වරුවේ පූජ්‍ය මැදිරිගිරියේ සුඛී භික්ෂූන් වහනසේ උපවාසයක නිරතවූහ.
උන්වහන්සේ චෝදනා කර සිටියේ, පාලකයින් කළ යුතු දේ කරනවා මිස , අනවශ්‍ය විගඩම් කරමින් ජාතික ධනය විනාශ කරන කටයුතු කරනවාට විරෝධය පළ කරන බවයි.
මං තීරුව ඉදි කිරීම වහාම නතර කරන ලෙසත් වැව් බැම්ම තිබූ පරිද්දෙන් යළි සකසා දෙන ලෙසත් පාලකයින්ට බලපෑම් කරන බව ද උන්වහන්සේ සඳහන් කළහ.