COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සහා ශ්‍රමිකයින් වෙනුවෙන් විවෘත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මංසන්ධියට නුදුරු ස්ථානයක විවෘත කෙරුණු PCR පරීක්ෂණාගාරය පෙරේදා (23) විවෘත කොට ප්‍රචාරයක් ලබාදුන්නේ එය දින දෙකක් තුළ ක්‍රියාවට නංවන බවටයි.
සංචාරක ප්‍රවාහන පහසුකම් සපයන්නන්ට දැනුම් දී තිබුණේ, අද සිට PCR පරීක්ෂණයට ලක් කෙරෙන සංචාරකයින් සිය නවාතැන් ගන්නා ස්ථානය වෙත රැගෙන යාම සඳහා අදාළ PCR පරීකණාගාර පරිශ්‍රයට එන ලෙසයි.
කෙසේ වෙතත් අද එම ස්ථානයට පැමිණි සංචාරක ප්‍රවාහන නිලධාරින්ට පොලීසිය දැනුම් දුන්නේ එම ස්ථානයෙන් ඉවත් වන ලෙසයි.
පොලිස් නිලධාරියා : - මෙතන ඉන්න එපා... ඔයාල යන්න. වාහන ටික අයින් කරගන්න.
සංචාරක ප්‍රවාහන නිලධාරියෙක් : - මෙතන වාහන නවත්තන් ඉන්න එපා ලු. අපිට පාර්කින් එකකට යන්න ලු. අපිව දැනුවත් කළේ නම්, මෙතන ඇවිල්ලා උදේ 10 ඉදන් රැඳී ඉන්න කියලා.
මෙම පරීක්ෂණාගාරය සම්බන්ධයෙන් පරස්පරයක් මතුවන්නේ විවෘත කළ දිනයේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිදු කළ මෙම ප්‍රකාශයත් සමගයි.
''සංචාරකයා මෙතෙන්ට ඇවිල්ලා පැය 3 ක් ඇතුළත PCR රිපොර්ට් එක දුන්නාම සම්පූර්ණ එන්නත්කරණය කරපු සංචාරකයෙක්ට සමාජගත වීමේ හැකියාව තියෙනවා. මං හිතන්නේ අපි හෙට නැත්තම් අනිද්දා ඉදන් මේ ස්ථානය ආරම්භ කිරීමත් එක්ක විදේශ රටවල ඉදලා එන සම්පුර්ණ එන්නත් කරපු සංචාරකයින්ට මේ ස්ථානයට ඇවිල්ලා PCR එක අරන් තමන් හෝටලයට යනකොටම නෙගටිව් PCR එකක් ලැබුණොත් ඔවුන්ට සංචාරයට රටපුරා යන්න පුළුවන් වෙනවා. ඒක තමා අපේ ඉලක්කය''
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ සැලසුම් කළ පරිදි අදාළ පරික්ෂණාගාරය තවමත් ක්‍රියාත්මක නොවන බවයි.
එම පරීක්ෂණාගාරය ක්‍රියාත්මක කිරීමට අදාළ ඇතැම් සෞඛ්‍ය නිර්දේශ ලැබෙන තුරු අධිකාරිය බලා සිටී.
පරීක්ෂණාගාරය ආරම්භ කරන නිශ්චිත දිනයක් පැවසිය නොහැකි වූවත් ඉක්මනින් ආරම්භ කරන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ ය.