ඉන්දුනීසියා-ශ්‍රී ලංකා විදේශ ඇමතිවරු අතර හමුවක්

ඉන්දියන් සාගරයේ ආරක්ෂාව ගැන, ඉන්දුනීසියා - ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන්ගේ අවධානය

by Staff Writer . 25-09-2021 | 2:08 PM

COLOMBO (NEWS1ST) :  ද්විපාර්ශවික වෙළෙඳාම ඉහළ නැංවීම සඳහා සාකච්ඡා කෙරෙමින් පවතින වෙළෙඳ ගිවිසුමේ කටයුතු අවසන් කිරීමට ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව එකඟවී තිබේ.

ඒ, අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ඉන්දුනීසීයා විදේශ අමාත්‍ය රෙට්නෝ ලෙස්ටාරි ප්‍රියංසාරී මාර්සුඩි මහත්මිය සහ විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා අතර පැවති හමුවකදීයී. දෙරට අතර ගැටලු නොමැති බැවින් ආර්ථික සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීමට ප්‍රමුඛතාව දිය යුතු බව, ඉන්දුනීසියානු විදේශ අමාත්‍යවරිය පැවසී ය. ඉන්දියන් සාගර කලාපයේ ත්‍රස්තවාදය සහ වෙනත් ආකාරයේ සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක, බුද්ධි අංශ හුවමාරු සහ කාර්ය මණ්ඩල මට්ටමින් සාකච්ඡා කිරීම සඳහා වූ සහයෝගීතාවයේ වැදගත්කම විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා පැහැදිලි කළේ ය. දෙරට අතර සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමේ හැකියාව පිළිබඳව ද විදේශ අමාත්‍යවරුන්ගේ අවධානය යොමුව තිබේ. පහසු අවස්ථාවන් වලදී එකිනෙකාගේ රටවල සංචාරය කිරීමට ද විදේශ අමාත්‍යවරු එකඟ වූහ. පහසු අවස්ථාවලදී දෙරටේ සංචාරය කිරීමට ද විදේශ අමාත්‍යවරුන් දෙපළ එකඟ විය.