පරාක්‍රම සමුද්‍රය රැකගන්න සංඝරත්නය එකමුතුව ක්‍රියා කළ යුතුයි – ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව

පරාක්‍රම සමුද්‍රය රැකගන්න සංඝරත්නය එකමුතුව ක්‍රියා කළ යුතුයි – ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව

කර්තෘ Staff writer

25 Sep, 2021 | 9:40 pm

COLOMBO (News 1st) – ඇවිදින මංතීරුවකට බිලිවීමේ තර්ජනයක් පවතින පරාක්‍රම සමුද්‍රයේ උරුමය රකින්න සංඝරත්නය පක්ෂ නිකාය ආදී භේදවලින් තොරව එකමුතුව ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව අද(25) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

වසර 02ක් පුරා පවතින වසංගත සමයක ජනතාව දුක් පීඩාවට ලක්ව ඇති වකවානුවක කෝටි ගණන් වැයකොට ඇවිදින මංතීරු සෑදීම අත්‍යවශ්‍ය නොවන බව මෙහි සඳහන් ය.

දේශපාලන වුවමනා මත විවිධ රැස්වීම් පවත්වමින් මතු කරන අසත්‍ය කාරණා පරාජය කළ යුතු බව ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව පෙන්වා දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]