9/11 ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන්ට ගෞරවය පුද කෙරේ

9/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන්ට ජනපති ගෞරව පුද කරයි

by Sagarika Chathumali 24-09-2021 | 6:48 PM

COLOMBO (NEWS1ST) : ඇමෙරිකාවේ වොෂින්ටන් සහ නිව්යෝර්ක් නගර ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට 20 වසරක් පිරීම නිමිත්තෙන් ඇමෙරිකාවේ මෑන්හැටන්හි අනුස්මරණ ස්මාරකය අබියසදී  පැවති  විශේෂ සැමරුමට සෙසු ලෝක නායකයින් ද සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී විය.

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී කාර්යාලය සහ සැප්තැම්බර් 11 අනුස්මරණ කෞතුකාගාරය එක්ව මෙම සැමරුම් වැඩසටහන සංවිධාන කර තිබිණ. ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ට ගෞරවය පුද කිරීමේ මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින සෙසු රාජ්‍ය නායකයින් සහ රාජ්‍ය නියෝජිතවරුන් ද එක්ව සිට තිබේ. නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ වොෂින්ටන්හි පිහිටි එක්සත් ජනපද හමුදා මූලස්ථානය වූ පෙන්ටගනය ඉලක්ක කර ගනිමින් 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා ත්‍රස්ත ප්‍රහාර එල්ල විය.