මහේලට ක්‍රිකට් කණ්ඩායමේ අලුත් වගකීමක්

මහේල ජයවර්ධනට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අලුත් වගකීමක්

by Staff Writer . 24-09-2021 | 7:55 PM

COLOMBO (NEWS1ST) : හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත්කර තිබේ.

එළැඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය සඳහා ආද‍ාළ පත් කිරීම සිදු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (24) නිවේදනය කළේ ය. IPL තරග මාලාවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටුයතු කරන මහේල ජයවර්ධන එම තරගාවලිය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා නැමීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය සමගන් තරග වැදිය යුතු වේ. ඒ අනුව ඔක්තෝබර් මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයා ලෙස මහේල ජයවර්ධන කටයුතු කිරීමට නියමිතයි. එමෙන්ම වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය තෙක් මහේල ජයවර්ධන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ උපදේශකවරයා ලෙස ද කටයුතු කිරීමට නියමිත බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.