බඳින තුවක්කුවක් පත්තු වී ජීවිත දෙකක් බිලි...

බඳින තුවක්කුවට ජීවිත දෙකක් බිලි... පිහිටට ගිය පුද්ගලයා ත් රෝහලේ...

by Sagarika Chathumali 24-09-2021 | 2:29 PM

COLOMBO (NEWS1ST) : තිරප්පනේ, මුරියාකල්ල වැව්පිටියේදී සතුන් දඬයම සඳහා බඳින ලද තුවක්කුවක් පත්තු වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී සැකකටයුතු උපකරණ කිහිපයක් ද පොලීසිය භාරයට ගත් බවයි. ජීවිතක්ෂයට පත් පුද්ගලයින් දෙදෙනා අනෙක් පුද්ගලයා සමග වැව් පිටියට ගමන් කිරීමේදී මෙම අනතුරට මුහුණ දී තිබේ. එම අවස්ථාවේ මිගිය දෙදෙනො සමග ගමන් කර තිබූ අනෙක් පුද්ගලයා ගම්වාසීන්ගේ සහය ලබා ගැනීම සඳහා ගමට පැමිණ ඔවුන් සමග වෙනත් මාර්ගයකින් ගමන් කරමින් සිටියදී තවත් බඳින තුවක්කුවක් පත්තුවීයාමෙන් ඔහු ද තුවාල ලබා තිබේ. ජීවිතක්ෂයට පත් පුද්ගලයින් දෙදෙනා අවුරුදු 60 සහ 44 යන වයස්වල පසුවන අතර තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.