පළාත් කිහිපයකට වැසි ඇති වන බවට කාලගුණ අනාවැකි

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති වන බවට කාලගුණෙන් අනාවැකි

by Sagarika Chathumali 24-09-2021 | 2:08 PM

COLOMBO (NEWS1ST) :  උතුරු, උතුරු - මැද , වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇති වන බවත් මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවත් ය. මේ අතර එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.