පො‌ලොන්නරුවට කඩා වැදුණු වන අලි

පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව‌ට අලි වැට ඉවත් කිරීම නිසා ගම්මානවලට වන අලි කඩාවදී

by Staff writer 24-09-2021 | 4:06 PM

COLOMBO (News 1st) - පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව ඉදිකිරීම සඳහා පොත්ගුල් වෙහෙර වටා තිබු අලි වැට ඉවත් කිරීම නිසා ඊයේ(23) රාත්‍රීයේ වන අලි ගම්වැදී තිබේ.

‍අලි තර්ජනයට ලක්වූයේ, පොලොන්නරුව, පොත්ගුල් පෙදෙස ගම්මානයයි. පරාක්‍රම සමුද්‍රය රක්ෂිතයේ සිට පැමිණ වන අලි තිදෙනකු පරාක්‍රමබාහු ප්‍රතිමාව සහිත පොත්ගුල් විහාරය වටකර ඉදිකර තිබූ ආරක්ෂිත වැට කඩා දමා තිබේ. පොත්ගුල් පෙදෙස ගම්මානයට කඩා වැදුණු වන අලි පොල් වගාවක් ද විනාශ කර ඇත . පරාක්‍රම සමුද්‍රයට බලපෑම් කරන ඇවිදින මංතීරුව නිර්මාණය කිරීමටත් ප්‍රථම ගම්වාසීන්ට ජීවිත තර්ජනවලට මුහුණදීමට සිදුව තිබේ.