නිදන්ගත රෝග සහිත දරුවන් එන්නත්කරණය ඇරඹේ

නිදන්ගත රෝග සහිත දරුවන් එන්නත්කරණය ඇරඹේ

by Staff Writer . 24-09-2021 | 9:06 AM

COLOMBO (NEWS1ST) :  වයස අවුරුදු 12 ත් 19 ත් අතර, විවිධ රෝගාබාධ සහිත දරුවන් සඳහා එන්නත්කරණය, කොළඹ රිජ්වේ ආර්යා සහ අනුරාධපුර හා කුරුණෑගල ශික්ෂණ රෝහල්වල අදාළ සායනවලදී ආරම්භ වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, කුරුණෑගල ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල යන ස්ථානවලදී එලෙස දරුවන් එන්නත්කරණය සිදුකිරීමට නියමිත බවයි. මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ බස්නාහිර පළාතේ වයස අවුරුදු 12 ත් 19 ත් අතර සංකුලතා සහිත දරුවන් එන්නත්කරණය ලබන සතියේ සිට ආරම්භ කරන බවයි.