අනුරාධපුරයේදී භූදර්ශන ව්‍යාපෘතියක්

දැයක් නගන සියක් නගර වැඩසටහනේ තවත් පියවරක් අනුරාධපුරයේදී..

by Staff writer 24-09-2021 | 9:34 PM

COLOMBO (News 1st) - දැයක් නගන සියක් නගර වැඩසටහන යටතේ අනුරාධපුර ධර්මපාල මාවත භූදර්ශන ව්‍යාපෘතිය අද (24) ආරම්භ කෙරිණි.

ඒ, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. මෙම ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 18.5 කි. නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු අමාත්‍යාංශය මගින් මෙය ක්‍රියාත්මකයි.