''අපි ආවේ ජාතික සම්පත් විකුණන්න නෙමෙයි''

''අපි ආවේ ජාතික සම්පත් විකුණන්න නෙමෙයි'' - දයාසිරි

by Staff Writer . 24-09-2021 | 1:53 PM

COLOMBO (NEWS1ST) :  කෙරවළපිටිය විදුලි බලාගාරයේ කොටස් විදෙස් සමාගමකට පැවරීම අතිශ්‍ය භායනක තත්ත්වයක් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද (24) මාධ්‍ය අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඉදිරියේද නිවැරදි තීන්දුවකට එළැඹීමට බලාපොරොත්තු වන බවයි. අපි ආවේ මේ රටේ ජාතික සම්පත් විකුණන්න නෙමෙයි. ඒ නිසා නිවැරදි තීන්දුවකට පැමිණිය යුතුයි. ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර සාකච්ඡා කර ගත් යම් වැරදි තීන්දුවක් තිබේ නම්, එය නිවැරදි කර ගැනීම සඳහා වන ක්‍රියාමාර්ගයකට යාමට අපේක්ෂා කරන බවයි.