අද කාලගුණ අනාවැකිය..

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..

by Chathuranga Rajapaksha 24-09-2021 | 10:22 AM

COLOMBO (News 1st) - දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල දිවා කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එම ප්‍රදේශවල මිලි මීටර් 75 පමණ තරමක තද වැසි අද දිනයේ දී ඇති විමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වැසි තත්ත්වය නිසා සුළං සහ අකුණු හේතුවෙන් ඇතිවිය හැකි අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.