කොරෝනා මරණ සංඛ්‍යාව 12,530 ක් දක්වා ඉහළට

කොරෝනා මරණ සංඛ්‍යාව 12,530 ක් දක්වා ඉහළට

කොරෝනා මරණ සංඛ්‍යාව 12,530 ක් දක්වා ඉහළට

කර්තෘ Sagarika Chathumali

24 Sep, 2021 | 6:02 pm

COLOMBO (NEWS1ST) : සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 82 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,530 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 51 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 31 දෙනා කාන්තාවන් ය.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 21දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 61 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (24) වාර්තා කරන ලද මෙම මරණ 82 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]