
ඇෆ්ගනිස්ථානයට පනවා ඇති සියලු සම්බාධක ඉවත් කරන්න – චීනය
ඇෆ්ගනිස්ථානයට පනවා ඇති සියලු සම්බාධක ඉවත් කරන්න – චීනය
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ආර්ථික සම්බාධක ද ඇතුළුව ඇෆ්ගනිස්ථානයට පනවා ඇති සියලු සම්බාධක ඉවත් කළ යුතු බව චීනය අවධාරණය කරයි .
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මේ බව සඳහන් කළේ, ජී20 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට එක්වෙමිනි .
ඇෆ්ගනිස්ථානයට අයත් විදෙස් සංචිත මුදා හරින්නැයි චීනය, අමෙරිකාවෙන් ඉල්ලා සිටියේය.
ඇෆ්ගනිස්ථානයේ ජාතික වත්කම් වන විදේශ විනිමය සංචිත යළි එරට ජනතාවට හිමිවිය යුතු බව ඔහු ප්‍රකාශ කර ඇත්තේ ආතතිය ලිහිල් කර ගැනීමට බලවත් රටවල් සහාය විය යුතු බව ද පෙන්වා දෙමිනි .
ප්‍රමාදයකින් තොරව ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර ලබාදිය යුතු බව, චීනයේ මතයයි.
ඇෆ්ගනිස්ථානයට ආධාර සැපයීම දෙගුණයකින් ඉහළ නංවා හදිසි අවස්ථා සඳහා සහාය වීමට එක්විය යුතු බව ද චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .
එන්නත් මිලියන 03ක් ඇතුළුව ඩොලර් මිලියන 31 ක ආධාර එරටට ලබාදීමට, චීනය එකඟ වී තිබේ
චීන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ දිළිඳුකම තුරන් කිරීම, තිරසර සංවර්ධනය, ජීවනෝපාය සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන මූල්‍ය ආධාර සැපයිය යුතු බවය.
- සිරස ලක්ෂපති 10වැනි අදියර 11 වැනිදා සිට..
- වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවයි
- පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
- පැරිස් සමාජයෙන් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය IMF වෙත – ජනාධිපති මාධ්‍ය අංශය
- උ/පෙළ සමයේ විදුලි කප්පාදුව: පෙත්සම සලකාබලා අවසන්..තීන්දුව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා
- මැතිවරණ කොමිසමේ සාමාජික චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
- තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 ඉක්මවා යයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරයි
- නිදහස් උත්සවයේ වියදම් ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි… වැය කළ මුළු මුදල මෙන්න… ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
- හිටපු නියෝජ්‍ය ඇමති සරණට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි