COLOMBO (News 1st) - මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා විශේෂ පී.සී.ආර්. පරීක්ෂණාගාරයක් අද (22) දහවල් විවෘත කෙරිණි.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මංසන්ධියට නුදුරු ස්ථානයක මෙම පරීක්ෂණාගාරය ඉදිකර ඇති අතර පැය 03ක් ඇතුළත ඉන් පී.සී.ආර්. වාර්තාවන් ලබාදීමට නියමිත ය.
සංචාරක අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා,
සංචාරකයා මෙතෙන්ට ඇවිල්ලා පැය 3 ක් ඇතුළත පී.සී.ආර් රිපොර්ට් එක දුන්නාම පුලි එන්නත්කරණය කරපු සංචාරකයෙක්ට සමාජගත වීමේ හැකියාව තියෙනවා. මං හිතන්නේ අපි හෙට නැත්තම් අනිද්දා ඉදන් මේ ස්ථානය ආරම්භ කිරීමත් එක්ක විදේශ රටවල ඉඳලා එන සම්පුර්ණ එන්නත් කරපු සංචාරකයින්ට මේ ස්ථානයට ඇවිල්ලා පී.සී.ආර් එක අරන් තමන් හෝටලයට යනකොටම නෙගටිව් පී.සී.ආර් එකක් ලැබුණොත් ඔවුන්ට සංචාරයට රටපුරා යන්න පුළුවන් වෙනවා. ඒක තමා අපේ ඉලක්කය.