"නිහඬව සිටීමෙන් වරදින්  මිදිය නොහැකි"

ශ්‍රී ලංකාවේ බලශක්ති පාලනය පිටස්තර සමාගමකට හිමි වීමේ අවදානමක් - විපක්ෂ නායක

by Staff writer 23-09-2021 | 10:32 PM

COLOMBO (News 1st) - කෙරවලපිටිය යුගදනවි බලාගාරය අන්සතු කිරීමෙන් භූමියෙන් කුඩා රටක් වන ශ්‍රී ලංකාවේ බලශක්ති පාලනය පිටස්තර සමාගමකට හිමි වීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

ලොව කිසිම රටක් ස්වභාවික වායු සැපයීමේ ටෙන්ඩර සහ ඊට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය ඒකාබද්ධ කරන්නේ නැත. එවැනි ක්‍රියාමාර්ගයකට යාමෙන් රටේ බලශක්ති ආරක්ෂාව මෙන්ම රටම සිය ග්‍රහණයට නතු කර ගැනීමේ හැකියාවක් අදාළ සමාගමට හිමි වනු ඇති බව විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. 2035 මුළුමනින්ම විදුලිබල මණ්ඩලයට හිමිවීමට නියමිත යුගදනවි විදුලි බලාගාරය නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව zoom තාක්ෂණය ඔස්සේ මැදියම් රැයේ අමෙරිකාවේ නිව්පෝට්ට්‍රෙස් සමාගම හා ගිවිසුම් අත්සන් කරන තුරු කැබිනට් මණ්ඩලය නිහඬව සිටියේ ඇයි ? නිහඬව සිටීමෙන් වරදින් මිදිය නොහැකි බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.