අගමැති ශෝකය පළ කරයි

වෛද්‍ය ඒලියන්ත වයිට්ගේ අභාවය පිළිබඳ අගමැති ශෝකය පළ කරයි

by Staff Writer . 23-09-2021 | 1:23 PM

COLOMBO (NEWS1ST) : මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස ප්‍රකටව සිටි වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්විය.

ඔහුගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ කලක් සමීපව ඇසුරු කළ ඒලියන්ත වයිට් වෛද්‍යවරයා ක්‍රීඩකයන් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසකගේ රෝගාබාධ සුවපත් කිරීමට කැප වූ බවයි. ඒලියන්ත වයිට් මහතාගේ හදිසි අභාවය සැලවීමෙන් තමා බෙහෙවින් කනගාටුවට පත් වූ බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා ශෝකයට පත් පවුලේ ඥාතීන් ඇතුළු සියලු දෙනා වෙත සිය ශෝකය පළ කර සිටී.