by Staff writer 23-09-2021 | 2:43 PM
COLOMBO (News 1st) - වායු දූෂණය හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් ලක්ෂ 07ක් පමණ මියයන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) සඳහන් කරයි .
එම සංවිධානය පෙන්වා දෙන්නේ වායු දූෂණයේ අනතුරුදායක බව, තවත් ඉහළ ගොස් ඇති බවය.
එය, දුම්පානය සහ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාර පුරුදු මගින් සිදුවන මරණ ප්‍රතිශතය හා සමාන වේ .
වායු දූෂණය අවම කිරීම සඳහා ලොව සියලු රටවල් කැපවීමෙන් කටයුතු කළයුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේය.