පොලිස් බිමේ කසළ බඳුනෙන් මතු වූ ජීව අත්බෝම්බ...

මීගමු ජ්‍යෙ. පොලිස් අධිකාරී කාර්යාල භූමියේ කසළ බඳුනක ජීව අත්බෝම්බ දෙකක්

by Staff Writer . 23-09-2021 | 12:46 PM

COLOMBO (NEWS1ST) : මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල භූමියේ කසළ බඳුනක තිබී සොයාගත් ජීව අත්බෝම්බ දෙකක් නිශ්ක්‍රිය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායට භාරදී තිබේ.

ඒ මීගමුව අතිරේක මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුවයි. 20 වැනිදා සිට ඊයේ දක්වා කාලය තුළ මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ එක්රැස් වූ කසල ඉවත් කිරීමට උත්සහ කළ අවස්ථාවේදී මීගමුව නගර සභාවේ කම්කරුවෙකු මෙම අත්බෝම්බ දෙක දැක තිබිණ. බෝම්බ දෙක කසල ගොඩට දැමුවේ කවුරුන් ද යන්න සොයා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක ය.