නිරෝධායන නීති කැඩූ 489ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ 489ක් අත්අඩංගුවට

by Staff writer 23-09-2021 | 2:49 PM

COLOMBO( News 1st) - නිරෝධායන නිති උල්ලංඝණය කළ පුද්ගලයින් 489 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ

ඒ අද(23) උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ කළ මෙහෙයුම් වලිනි. එම මෙහෙයුම්වලදී වාහන 29 ක්ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය . මේ අතර, බස්නාහිර පළාතේ ක්‍රියාත්මක මාර්ග බාධක 13 කදී ඊයේ(22) දිනය තුළ , බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් 1250 දෙනෙකු පරික්ෂා කර තිබේ. පොලීසිය සඳහන් කළේ , බස්නාහිර පළාතෙන් පිටවන වාහන 793 ක් ද එම මාර්ග බාධක වලදී පරික්ෂාවට ලක් කළ බවයි. අදාළ මාර්ග බාධක වලදී බස්නාහිර පළාතට ඇතුළු වන පුද්ගලයින් 1121 දෙනෙකුද පරික්ෂා කර ඇති බව පොලීසිය සඳහන් කළේය.