කාබනික වුණත් රසායනික වුණත් තියෙන්නෙ එකම රසායනිකයක්

කාබනික වුණත් රසායනික වුණත් තියෙන්නෙ එකම රසායනිකයක්.. - මහාචාර්ය ජිනසේන

by Staff Writer . 23-09-2021 | 11:39 PM

COLOMBO (NEWS1ST) :  කාබනික හා රසායනික ලෙස ජනතාව අතර මිත්‍යවක් ගොඩ නැගෙමින් පවතින බවත් සත්‍ය ලෙසම ගත් කළ කාබනික වුවත් රසායනික වුවත් ඒවායේ ඇත්තේ, එකම රසායනික ද්‍රව්‍යයක් බව මහාචාර්ය ජිනසේන හේවගේ මහතා පවසයි.

රුහුණ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ජිනසේන හේවගේ මහතා පවසන්නේ, ක්‍රියාවලිය වැරදි ලෙස අරථකථනය කරමින් ඇතැමුන් යම් මතවාදයක් ජනතාව අතරට ගෙන යාමට උත්සාහ කරන බවයි.
''නමුත් මෙන්න මේ ක්‍රියාවලිය වැරදි ලෙස අර්තකතනය දක්වමින් අද තමන්ගේ මොකක් හෝ ගෙනාපු න්‍යාය පත්‍රයකට අනුව එහෙම නැත්නම් තමන්ගේ ඇති වෙච්ච මතවාදයක් බලය පාවිච්චි කිරීමෙන් ජනතාව අතරට ගේන්න උත්සාහ කරනවා.ඒකෙන් විශාල ආර්ථික හා සමාජීය විනාශයක් ඇති වෙනවා''
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂක අනුර වේරගොඩ මහතා පවසන්නේ, ආනයනය කිරීමට සූදානම් වන පොහොර නියමිත ප්‍රමිතයක් නොමැතිව භාවත කළහොත් වී වගාවට විශාල අවදානමක් ඇති බවයි.
''එතකොට අපි මේ පොහොර ගෙනල්ලා ඉස්සෙල්ලාම පාවිච්චි කරන්නේ වී වගාවට.වී වගාවටනේ පොහොර හිඟය තියෙන්නේ දැන් මේ මහ කන්නය බලාගෙන ඉක්මනට ගේන්නෙත් ඒකට.එතකොට මේ පොහොර නියමිත ප්‍රමිතයක් නැතුව පාවිච්චි කලොත් විශාල අවදානමක් තියනවා වී වගාවට''
ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ හිටපු දිස්ත්‍රීක් ජල ජීවී නිලධාරී ප්‍රේමසිරි ජාසිංහාරච්චි පවසන්නේ, මේ සිදු කරනන්ට යන්නේ, අපේ මහ පොළව මරා දැමීමට සූදානම් වීමක් බවයි.
''මේ චීන කොම්පෝස්ට්වල මෙන්න මේ දැන් චෙක් වෙලා අහුවෙලා තියෙන්නේ විශේෂ දෙකයි බැක්ටීරියා.ඊට අමතරව වල් බීජ තියෙන්න පුළුවන්. ආක්‍රමණශීලි වල්බීජ තියෙන්න පුළුවන්. බැක්ටීරියා තියෙන්න පුළුවන්.ප්‍රොටසෝවා තියෙන්න පුළුවන් දිලීර තියෙන්න පුළුවන්.මෙන්න මේ චීන කොම්පෝස් වල මෙන්න මේ දැන් චෙක් වෙලා අහුවෙලා තියෙන්නේ විශේෂ දෙකයි බැක්ටීරියා.ඊට අමතරව වල් බීජ තියෙන්න පුළුවන්.ආක්‍රමණශීලි වල්බීජ තියෙන්න පුළුවන්.බැක්ටීරියා තියෙන්න පුළුවන්.ප්‍රොටසෝවා තියෙන්න පුළුවන් දිලීර තියෙන්න පුළුවන්.අන්න ඒ බැක්ටීරියා ගොණු ලංකා භූමියට අවයින් පස්සේ අපේ පසට මොකෝ වෙන්නේ යම් රෝග කාරයක් ආවොත් එහෙම ලංකා පොළවට නැවත අපිට ලේසියෙන් ඒවා නැති කරන්න බෑ.එතකොට අපිට සහතිකයක් දෙන්න පුළුවන් ද මේ චීන කොම්පෝස් වල වල් බීජ නෑ කියලා.ආක්‍රමණශීලී වල් පැලෑටි නෑ කියලා.ඒවගේ ප්‍රොටෝසෝවා නෑ කියලා.ෆන්ගස් නෑ කියලා සහතිකයක් දෙන්න බෑ.ඒ නිසා අපි විශ්වාස කැනවා අපේ මහ පොළව මේ මරන්න හදනනේ''