නිරෝධායන නීති කැඩූ 489ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ 489ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ 489ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

23 Sep, 2021 | 2:49 pm

COLOMBO( News 1st) – නිරෝධායන නිති උල්ලංඝණය කළ පුද්ගලයින් 489 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ

ඒ අද(23) උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ කළ මෙහෙයුම් වලිනි.

එම මෙහෙයුම්වලදී වාහන 29 ක්ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය .

මේ අතර, බස්නාහිර පළාතේ ක්‍රියාත්මක මාර්ග බාධක 13 කදී ඊයේ(22) දිනය තුළ , බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් 1250 දෙනෙකු පරික්ෂා කර තිබේ.

පොලීසිය සඳහන් කළේ , බස්නාහිර පළාතෙන් පිටවන වාහන 793 ක් ද එම මාර්ග බාධක වලදී පරික්ෂාවට ලක් කළ බවයි.

අදාළ මාර්ග බාධක වලදී බස්නාහිර පළාතට ඇතුළු වන පුද්ගලයින් 1121 දෙනෙකුද පරික්ෂා කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]