වීරකැටිය දරුවා ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

වීරකැටිය 14 හැවිරිදි දරුවා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

by Sagarika Chathumali 22-09-2021 | 9:18 AM

COLOMBO (NEWS1ST) :  වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේදී 14 හැවිරිදි දරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු රක්ෂිතයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, තවත් සැකකරුවෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි. මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණ. පසුගිය 20 වනදා  ඥාතීන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් සිදු වූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි සචින්ත නිම්සර නමැති එම පිරිමි දරුවා ජීවිතක්ෂයට පත්විය.   https://www.youtube.com/watch?v=2Ej7LJuzdEI