යොහානි ඉන්දියාවට..

ලොවක් දිනූ යොහානි ඉන්දියාවට..

by Staff writer 22-09-2021 | 10:55 PM

COLOMBO (News 1st) - "මැණීකේ මගේ හිතේ" ගීතයෙන් ලොවක් දිනූ ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානිට ඉන්දියාවේ සජීවි ප්‍රසංග 02ක් සඳහා ඇරයුම් ලැබී තිබේ.

යොවුන් ගායිකා යොහානිගේ "මැණිකේ මගේ හිතේ" ගීතය අපේ රටේ වගේම අසල්වැසි ඉන්දියාව ඇතුළු ලෝකයේ තවත් රටවල් කිහිපයකම දැන් අතිශය ජනප්‍රියයි. සුපර් මූන් ලෙස නම් කර ඇති එම ප්‍රසංගය ඉන්දීය සී මාධ්‍ය නාලිකාව මගින් සංවිධානය කර ඇති අතර ගුරුග්‍රාම් හා හයිද්‍රබාද් හීදී එම ප්‍රසංග පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් 30 වැනි දා පළමු ප්‍රසංගය පැවැත්වෙන අතර දෙවන ප්‍රසංගය ඔක්තෝම්බර් 03 වැනි දා පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. යොහානි, සතීෂන් සමග ගැයූ "මැණිකේ මගේ හිතේ" ගීතය මේ වනවිට යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 120 කට වඩා නරඹා තිබේ.