ඔක්සිජන් ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

මෙරට නිෂ්පාදිත දෛනික ඔක්සිජන් ධාරිතාව රෝහල්ගතව සිටින ආසාදිතයින්ට ප්‍රමාණවත් - සෞඛ්‍ය අංශ

by Staff Writer . 22-09-2021 | 10:12 AM

COLOMBO (News 1st) - මෙරට නිෂ්පාදිත දෛනික ඔක්සිජන් ධාරිතාව, මේ වන විට රෝහල්ගතව සිටින කොරෝනා ආසාදිතයින් සඳහා ප්‍රමාණවත් බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මේ බව සඳහන් කළේ නිව්ස්ෆස්ට් සමග සංවාදයකට එක්වෙමිනි . ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, නිවෙස්ගතව ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙකු මියගොස් ඇති බව මෙතෙක් වාර්තා වී නොමැති බවය. වෛද්‍ය උපදෙස් සඳහා හදුන්වා දුන් දුරකතන මාර්ග සඳහා ලැබෙන ඇමතුම්වල ද අඩුවක් දක්නට ලැබේ . මේ අතර ,කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් 66 දෙනෙකු මියගොස් ඇතැයි ඊයේ (21) වාර්තා විය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම මරණ පසුගිය 20 වැනිදා සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(21) තහවුරු කළ බවයි. ඒ අතර 30ට අඩු පුද්ගලයින් දෙන්නෙක් සිටී ඊයේ(21) හඳුනා ගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1321 ක්. සුවය ලැබූ ගණන 1047 කි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර පරීක්ෂණ දත්ත අනූව දෛනිකව පී.සී.ආර්. හා රැට් පරීක්ෂණ 30000ක් දෛනිකව සිදු කරනු ලබයි .