බිඳ වැටුණු ව්‍යාපාර ගොඩනගන්නේ කොහොමද?

බිඳ වැටුණු ව්‍යාපාර නගා සිටුවීමට රජය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? - විපක්ෂ නායකයා ප්‍රශ්න කරයි

by Staff writer 22-09-2021 | 10:38 PM

COLOMBO (News 1st) - කොවිඩ්වලින් ජනතාවට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව විපක්ෂ නායකවරයා අද (22) නැවතත් ප්‍රශ්න කර තිබේ.

විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා,
ඇතැම් මූල්‍ය ආයතන ණය පොලී තවත් ණය මුදලක් බවට පරිවර්ථනය කරමින් ව්‍යවසායකයින් සුරා කෑමකට ලක්කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. කර්මාන්තකරුවන් අපහසුතාවට පත්වෙන අයුරින් කටයුතු සිදු කරන මූල්‍ය ආයතනයන්ට එරෙහිව ගන්නා ලබන ක්‍රියාමාර්ග කවරේද? ඇතමුන්ට සිය ජීවිත කාලය තුළදී උපයාගත් සියලු දේපල බැංකු හා මුල්‍ය ආයතන වෙත බිලි දීමට සිදුව තිබෙනවා. ඇතැම් මූල්‍ය ආයතන විසින් වෙන්දේසි කිරීමේ නිශ්චල දේපල සත්‍ය වටිනාකමට වඩා අඩු වටිනාකමක් තක්සේරු කර දේපල සිය හිතවත් ව්‍යාපාරිකයන් වෙත ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව රජය දන්නේද බොහෝ ව්‍යවසායින් ආසාදු ලේඛනගතව තිබෙනවා. ක්‍රිබ් එකට ගිහින් තිබෙනවා. මොවුන් සඳහා සහනක් ලබාදීමට රජය බලාපොරොත්තුවේද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේදී ගැටලුකාරි තත්ත්වයක් මතුව තිබෙනවා. බිඳ වැටීමට ලක්ව ඇති මෙවැනි ව්‍යාපාර නැවත නගා සිටුවීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබාදීමට රජය ක්‍රියා කරන්නේද?.
රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,
ඔබතුමා මතුකරපු කාරණාව පිළිබඳව ඉතාම සුබවාදී බලාපොරොත්තුවක් ඉදිරි අයවැය ලේඛනය තුළදී මුදල් ඇමතිතුමා විසින් ලබා දෙනවා.