දත්ත මගඩියේ ඇත්ත හෙළි කරන්න... - විපක්ෂ නායක

දත්ත මගඩියේ ඇත්ත හෙළි කරන්න .. විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලයි

by Staff Writer . 22-09-2021 | 10:59 PM

COLOMBO (NEWS1ST) :  ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සම්බන්ධ මහා මොළකරුවන්ට පළා යාමට ඉඩ හරිමින් වත්මන් ආණ්ඩුව බලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

විපක්ෂ නායකවරයා අදාළ නිවේදනයෙන් ප්‍රශ්න කරන්නේ මෙම දත්ත මැකි යාමේ සිදුවීම දීර්ඝ කාලීන කූඨ ව්‍යාපෘතියක අත පෙවීමේ උත්සහයක් ද යන්නයි. අදාළ සිදුවීමට සම්බන්ධ ඉන්ජිනේරුවරයා රටට හෙළි කර ඔහු ක්‍රියාත්මක කළේ, කාගේ උවමනාවක් ද යන්න ස්වාධීන පරීක්ෂණයක් මගින් හෙළි කළ යුතු බව විපක්ෂ නායකවරයා සඳහන් කරයි.