.webp)
මේ ගරු සභාවට හෘදසාක්ෂියට එකඟවත් අවංකවත් කියන්න කැමතියි. මේ අමාත්‍යාංශය යටතේ සතොස හෝ වෙනත් ඕනෑම ආයතනයක් මම හරි මගේ දරුවෙක් හරි මගේ පවුලේ කෙනෙක් හරි සත 5 ක හරි වංචාවක් දුෂණයක්, අක්‍රමිකතාවයක් කොමිස් මුදලක් අරන් තියෙනවා කියලා හෙට ඔප්පු කළොත් අනිද්දාට මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්නේ නැහැ. මම සදහාටම මේ රටේ දේශපාලනයට ආයුබෝවන් කියනවා. සදහටම.සමගි ජනබලවේගයේ පා.ම, හෙක්ටර් අප්පුහාමි මහතා,
මම ඔබතුමාගෙන් අහනවා සුදුලූණු හොරමක් සිද්ධ වුණා ද ?නැති ද?වෙළෙඳ අමාත්‍ය, අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
රූපන් ජීරති ඤත්ඤානන් නාමහොත්තන්.. නදීරති පමණයි. ඒක නිසා මේ හොරකම් කරලා කොමිස් ගහලා වංචා කරලා කිසි කෙනෙක් කිසි දෙයක් ගෙනිහිල්ලා නැහැ සෙක්කුවක් ළඟ ඉදගෙන චොකලට් කෑවට බලාගෙන ඉන්න සියලු දෙනා පුන්නක්කු කනවැයි කියන හිතන යුගය වෙනස් කිරීම සඳහා සත්‍ය මත පිහිටලා කටයුතු කරන්නසමගි ජන බලවේගයේ පා.ම, හරින් ප්‍රනාන්දු මහතා,
මම පුන්නක්කු කන්නේ නැහැ මම චොකලට් කෑවයි ඒ කතාවෙන්ම තේරුණා. හොරු එක්ක හිටියාට මම හොරෙක් නෙවෙයි කියන හැඟීමක් තමයි අපිට දැනුනේ සම්පූර්ණයෙන් පිළින්නවා.ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා,
ගරු බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා කරුණු ඉදිරිපත් කරමින් සුදුලූණු වංචාව වසන් කිරීම සඳහා යම් සුදුලූණු පොඩි කිරීමක් තමයි සිදු කළේ. හරියටම අපේ රටේ නීතිය සහ විධානයේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනවා නම් ඔබතුමාට ඔය කරුණු ගොඩක් කියන්න වෙන්නේ අධිකරණයේ. නැගිටින්න එපා ඔබතුමා කතා කරනකොට මම අහගෙන හිටියා.නියෝජ්‍ය කතානායකතුමනි වංචාව සිදුව තිබෙනවා. සතොස භාර අමාත්‍යවරයා බන්දුල ගුණවර්ධන. සුදුලූණු වංචාවක් සිදුව තිබෙනවා. ඒ වංචාව පිළිබඳව අපි කරුණු කියනවා. එච්චරයි. ගරු කතානායකතුමනි කුඩු කාපු දඟලනවා ටිකක්. එච්චරයි මට කියන්න තියෙන්නෙ.කුඩු කාපුවහම ඉවසගෙන ඉන්න බැහැ. ඉහමොළ රත් වෙනවා. රත් උනහම දඟලනව අයේ අයේ ආයේ.