.webp)
සුදුලූණු විතරක් නෙමෙයි උඳුවලටත් මේ වගේම ක්‍රියාවලියක් සිදු වෙලා තියෙනවා. උඳු කිලෝ 13,975ක් අරගත්තා. අපි දන්නවා උඳුවල මේ වෙනකොට සිල්ලර මිල තියෙන්නේ කිලෝ එකක් 1,100 යි. හැබැයි සතොස මේක ලබා ගත්තේ රේගුවෙන් රුපියල් 300ට. අරගන්නකොට වියදම වුණේ 41 ලක්ෂ 92,500 යි. සතොස මේක අගය කලා ලක්ෂ 153 කුත් 72500කට. හැබැයි මේක එළියට දුන්නේ 425 ට කිලෝ එක. හැම කිලෝ එකකින්ම රුපියල් 675 ක් සතොසට පාඩුවක් සිද්ධ වුණා. ඒ දීලා තියෙන්නේ සතොස සැපයුම්කරුවෙකුට. ඒ නිසා සතොසට වෙච්ච පාඩුව 94 ලක්ෂ 33125 ක්. එතකොට මේ අත්‍යශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සාධාරණ මිලකට ජනතාවට දෙනවා කියලා අවසානයේදී කරලා තියෙන්නේ මොකක්ද?. ජනතාවටත් නැහැ. රජයටත් නැහැ. අතරමැදියන්ටත් නැහැ. හැබැයි යාලු මිත්රයින් අතරේ බෙදිලා තියෙනවා. සුදුලූණු ගනුදෙනුවෙත් තියෙන්නේ ඒක. උඳු ගනුදෙනුවෙත් තියෙන්නේ ඒක.