ගුරුවරු දෙදෙනෙකු CIDයට කැඳවයි

සරත් විරසේකර සැලසුම් කරපු නාට්‍යයක් මේක - ජෝසප් ස්ටාර්ලිං

by Staff writer 21-09-2021 | 9:04 PM

COLOMBO (News 1st) - ඔන්ලයින් ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ට තර්ජනය කළා යැයි චෝදනා කරමින් ගුරුවරුන් දෙදෙනෙකු අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

මෙලෙස චෝදනා ලබන ගුරුවරුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට සහය දැක්වීම සඳහා ගුරු සංගම් නියෝජිතයින් රැසක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. ජාතික විදුහල්පති සංගමයේ සභාපති, මොහාන් වීරසිංහ මහතා,
ගුරුවරු කණ්ඩායමකට  තර්ජනයක් කිරීම සම්බන්ධයෙන් තමයි පැමිණිලි ලැබිලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් තමයි විමසුවේ. අපි ප්‍රකාශ කළා කිසිම ආකාරයක තර්ජනය කිරීමක් කරලා නැහැ එහෙම ගුරුවරුන්ට මේ අරගලයේදී. අපි ඉල්ලලා තියෙන්නේ සහය පළ කරන්න කියලා.
ශ්‍රීනාද ද සිල්වා,
මම පිළිගත්තෙම නැහැ. මම තර්ජනය කරන කෙනෙක් නෙමෙයි. මම කිව්වා මට කෝල් ඩියුරේෂන් එකක් දෙන්න මේ සම්බන්ධයෙන් තුන්වැනි පාර ඉල්ලීම් කරහම කිව්ව තත්ත්පර 21යි කියලා. මම කිව්වා තර්ජනයක් කරන්න නම් තත්ත්පර 21 ක් ප්‍රමාණවත්ද කියලා.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්, ජෝසප් ස්ටාර්ලිං මහතා,
සරත් විරසේකර ඇමැතිවරයා විසින් සැලසුම් සහගතව සකස් කරපු නාට්‍යයක් තමයි මේ රඟ දැක්වුණේ. පොලීසිය භාවිතා කරලා මේ අරගලය මර්දනය කරන්න ගත්ත උත්සහයක් මේක. අද පෙන්නුවා අපි පැහැදිලිවම දෙලක්ෂ හැට තුන් දාහක් මේ අරගලයේ ඉන්නවා. ආණ්ඩුවට අවශ්‍ය නම් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා විසඳගන්න පුළුවන්
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්, මහින්ද ජයසිංහ මහතා,
ජනතාව අතරේ අපිව පිළිකුල් කරන තැනට කටයුතු කරන්න විවිධ උත්සහයන් දැරුවා. මෙවැනි නියෝග හරහා මේ සටන අඩපණ කරන්න හදනවා නම් මෙවැනි බිය වැද්දීම් හරහා කෙනිත්තිලි හරහා මේ සටන අඩපණ කරන්න හදනවා නම් ඒක පොලීසිය භාර ඇමැතිවරයාටත් මේ ආණ්ඩුවටත් වැරදුණු තැන