බාර්වලට දුන්න සැනසීම අපිටත් දෙන්න.. - ප්‍රදීප් චාර්ල්ස්

by Staff writer 21-09-2021 | 9:17 PM

COLOMBO (News 1st) - නිරෝධායන අඳිරි නීති කාලසීමාව තුළ සුරාසැල් විවෘත කිරීමට ගත් තීරණයට එරෙහිව එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සුරාබදු කොමසාරිස්වරයා, පොලිස්පතිවරයා සහ ජාතික කොවිඩ් මර්දන කමිටුවේ සාමාජිකයින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. එක්සත් ජාතික ස්වයංරැකියා වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති, ප්‍රදීප් චාර්ල්ස් මහතා,
කොවිඩ් කමිටුවෙන් කිසිම තීන්දුවක් අරන් නෑ ලංකාවේ සුරාසැල් විවෘත කරන්න. මේ රටේ දුප්පත් මනුස්සයා හම්බ කරන මේ බදුවලින් සීතල කාමරවල ඉඳන් පඩි අරගෙන වගකිව යුතු නිලධාරීන් අද ඇහුනේ නෑ දැක්කේ නෑ පේන්නේ නෑ කියනවා නම් මේ රටේ මිනිස්සුන්ට අද නීතිය ක්‍රියාත්මක නොවෙනවා නම් අපි කාගාවටද යන්න ඕනේ? අපිට එක වේලක් කන්න දෙන්න ත්‍රිවිල් දුවන මිනිස්සුන්ට පැය 5ක් ත්‍රිවිල් දුවන්න කියලා . සෞඛ්‍ය ආරක්ෂිතව අපි ඇඳුම් ඇඳගන්නම්. අපි මාස්ක් දාගන්නම්. අපි මේ ග්ලවුස් දාගන්නම්. අපි ඒවා දාගෙන ව්‍යාපාර කරන්නම්. බාර්වලට දුන්න සැනසීම අපිටත් දෙන්න.