කොරෝනා මරණ 66 ක්, සහ නව අසාදිතයින් 1,321 ක්

තවත් කොරෝනා මරණ 66 ක්, සහ නව අසාදිතයින් 1,321 ක්

by Sagarika Chathumali 21-09-2021 | 9:41 PM

COLOMBO (NEWS1ST): සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තවත් කොරෝනා මරණ 66 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,284 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 36 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 30 දෙනා පිරිමි පුද්ගලයින් ය. වාර්තා වූ මරණ අතර වයස අවුරුදු 30ට අඩු කාන්තා සහ පිරිමි ආසාදිතයින් 2 දෙනෙක් වෙති. මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 11 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 53 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය. අද (21) වාර්තා කරන ලද මෙම මරණ 66 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි. මේ අතර අද (21) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 1,321 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසී ය.