ඉන්දු - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියක් ලබන වසරේදී

ඉන්දියාවේ සත්කාරකත්වයෙන් ලබන වසරේදී ශ්‍රී ලංකාව සමග ක්‍රිකට් තරගාවලියක්

by Staff writer 21-09-2021 | 4:43 PM

COLOMBO (News 1st) –  ලබන වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග ක්‍රිකට් තරගාවලියක් තම රටේ සත්කාරකත්වයෙන් පවත්වන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

ඉදිරි මාස 9ක කාලය සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට සැලසුම් කර ඇති තරගාවලි පිළිබඳව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ ය. ඒ අනුව, නවසීලන්ත, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් ඉන්දියාවේ තරග සංචාරවල නිරත වීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල නිල වෙබ් අඩවියේ සඳහන් ය. ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පෙබරවාරි මාසයේදී ඉන්දීය තරග සංචාරයක නිතර වන බව එහි දැක්වෙයි. ඒ අනුව, තරගාවලියට ටෙස්ට් තරග 02ක් සහ පන්දුවාර 20යි 20 තරග 02ක් ඇතුළත්ය. ලබන වසරේ පෙබරවාරි 25 වැනිදා ටෙස්ට් තරගාවලිය බැංගලෝර්හිදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. පන්දුවාර 20යි 20 තරගාවලිය ලබන වසරේ මාර්තු 13 වැනිදා මොහාලිහිදී ආරම්භ කිරීමට නියමිත ය.