වීරකැටියේ වෙඩි තැබීමකින්14 හැවිරිදි දරුවෙකු මරුට..

වීරකැටියේ වෙඩි තැබීමකින්14 හැවිරිදි දරුවෙකු මරුට..

by Staff writer 20-09-2021 | 8:31 AM

COLOMBO (News 1st) – වීරකැටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් අතරතුර වෙඩි තැබීම සිදුව ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ . කෙසේ වෙතත් වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.