විමල්, වාසු, තිස්ස හා දයාසිරි හදිසි සාකච්ඡාවක..

by Staff writer 20-09-2021 | 10:32 PM

COLOMBO (News 1st) - ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ කිහිපයක් අද (20) පස්වරුවේ කොළඹදී හදිසි සාකච්ඡාවක් පවත්වා තිබේ.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ඡාවට දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, මහාචාර්ය තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ යන මැති ඇමතිවරුන් සමග පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද සහභාගි වී ඇත. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් ලෙස ඔවුන් වරින් වර විවිධ කරුණු සම්බන්ධයෙන් ඒකාබද්ධව සිය අදහස් පළ කර තිබුණි. අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ, කෙරවලපිටිය බලාගාරය සහ එල්.එන්.ජී සැපයුම අමෙරිකානු සමාගමකට විකිණීමට ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව අද සාකච්ඡා කළ බවය